තිරුකුමරන් නඩේෂන් අල්ලස් කොමිසමට

තිරුකුමරන් නඩේෂන් අල්ලස් කොමිසමට

ආන්දෝලනාත්මක පැන්ඩෝරා ලේඛන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ කොමිසම සිදු කළ දැනුම් දීමකට අනුවයි ඔහු අද පෙරවරු 10 ට පමණ එහි පැමිණ ඇත්තේ.

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා දිනයේදී අල්ලස් කොමිසමට දැනුම් දී තිබුණා.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් චෝදනා එල්ල වූ ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත්තේ තමාගේ සහ තම බිරිඳගේ නම් මෙම පත්‍රිකාවල සඳහන් වීම පිළිබඳ සොයාබැලීම සඳහා ස්වාධීන හා කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

Share This