තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

ජා-ඇල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු සිය ආපනශාලාව තුළ දීම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය ඊයේ (24) රාත්‍රියේදී සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ බිරිඳ ද එහි සිට ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Share This