තායිලන්තයේ රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

තායිලන්තයේ රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම තායිලන්තයේ නිකෝන් රච්චසිමා ප‍්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ 12 දෙනෙකු එහි ගමන් කර ඇති බව සඳහන්.

20 හැවිරිදි තරුණයෙකු වෑන් රථය අනතුරට ලක්වන අවස්ථාවේ ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Share This