තවත් 76000 ට එන්නත්

තවත් 76000 ට එන්නත්

පුද්ගලයන් 76,422 දෙනෙකු ඊයේ දිනයේදී කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබගෙන තිබෙනවා.

වැඩිම එන්නත් ප්‍රමාණයක් එහිදී ලබා දී ඇත්තේ සයිනොෆාම් දෙවෙනි මාත්‍රාව වන අතර එම සංඛ්‍යාව 32,705 ක්.

ෆයිසර් පළමු මාත්‍රාව පුද්ගලයන් 29,685 දෙනෙකු ඊයේ දිනයේදී ලබාගෙන තිබෙනවා.

මේ වන විට ලබා දී ඇති මාත්‍රා අතුරින් වැඩිම ප්‍රමාණය සයිනොෆාම් පළමු මාත්‍රාව බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

එම ගණන 11,915,297 ක්.

Share This