තවත් මගී ප‍්‍රවාහන නෞකාවක් එළඹෙන සතියේ දිවයිනට

තවත් මගී ප‍්‍රවාහන නෞකාවක් එළඹෙන සතියේ දිවයිනට

සංචාරක කර්මාන්තයට තවත් ඉහළ දායකත්වයක් සපයමින් විශාල ප‍්‍රමාණයේ අධි සුඛෝපභෝගි මගී නෞකාවක් මේ මස 29 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කලේ මෙම නෞකාවේ මගීන් 2030 ක් සහ කාර්යය මණ්ඩලය 945 කගෙන් සමන්විත වන බවයි.

මෙම නෞකාවේ විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුරම්ලෑමට නොහැකි බැවින් නැගෙනහිර බහාලූම් පර්යන්තයේ එය නැංගුරම්ලෑමට නියමිත බවයි හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

Share This