තරුණියක  මිය යෑමේ සිද්ධිය සොයා බැලීමට විමර්ශන කමිටුවක්  හෙට පේරාදෙණිය රෝහලට.

තරුණියක මිය යෑමේ සිද්ධිය සොයා බැලීමට විමර්ශන කමිටුවක් හෙට පේරාදෙණිය රෝහලට.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් හෙට එම රෝහල වෙත යොමුකිරීමට පියවරගෙන තිබෙනවා.

මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත්කළ අතර එය නිලධාරීන් පස්දෙනෙකුගෙන් සම්විතයි.

මේ අතර ඖෂධවලින් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් වහාම කැබිනට් මණ්ඩලය කැඳවා තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද මධ්‍ය වෙත මේ පිළිබද සදහන් කළා.

Share This