තම අස්වනු සඳහා සාධාරණ මිලක් නැතැයි ලොකු ළුෑනු සහ වී ගොවීන්ගෙන් මැසිවිලි – මහ කන්නයේ දී වගාවෙන් ඉවත් වීමේ සූදානමක්

තම අස්වනු සඳහා සාධාරණ මිලක් නැතැයි ලොකු ළුෑනු සහ වී ගොවීන්ගෙන් මැසිවිලි – මහ කන්නයේ දී වගාවෙන් ඉවත් වීමේ සූදානමක්

ගෙවුණු වසරට සාපේක්ෂව යල කන්නයේ දේශීය ලොකු ළූණූ ඇස්වැන්න කිලෝග‍්‍රෑම් ලක්ෂ 10 කින් පමණ පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.

එහි වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කලේ, පසුගිය වසරේ මෙම කාල සීමාව තුළ යල කන්නයේ අස්වැන්න ලෙස ලොකු ළූණූ කිලෝග‍්‍රෑම් ලක්ෂ 10 ත් 15 ත් අතර ප‍්‍රමාණයක් දෛනිකව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බවයි.

කෙසේ වෙතත් මෙවර යල කන්නයේ දී අස්වැන්න ලෙස ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙනුයේ දේශීය ලොකු ළූනු කිලෝග‍්‍රෑම් ලක්ෂ 2 ත් දෙකහාමාරත් අතර ප‍්‍රමාණයක් බවයි ඔහු සඳහන් කලේ.

රජය මඟින් ආනයනික ලොකු ළූණූ සඳහා බදු පැනවීමක් සිදු නොකිරීම හේතුවෙන් දේශීය ලොකු ළූණූ අස්වැන්න ඉතා අවම මිලකට අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර ලොකු ළූණු කිලෝග‍්‍රෑමයක නිෂ්පාදන පිරිවැය රුපියල් 250 ක් පමණ වුවත් තමන්ට කිලෝග‍්‍රෑමයක් සඳහා ලැබෙනුයේ රුපියල් 80 ත් 120 ත් අතර මිලක් බව සදහන් කරන බී ළූණු ගොවීන් තම නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබාදෙන ලෙස බලධාරීන්ට මෙලෙස සිහිපත් කළා.

මේ අතර තම වී අස්වනු අළෙවි කරගත නොහැකි බව පවසමින් බතලගොඩ ව්‍යාපාරයේ ගොවීන් අද ඉබ්බාගමුව ප‍්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ඔවුන් සඳහන් කලේ තම වී අස්වනු මිලදී ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් රජය මඟින් ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන් වගා බිම් වලින් ඉවත් වන බවයි.

Share This