තමිල්නාඩුවේ සිට මෙරටට පැමීණීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

තමිල්නාඩුවේ සිට මෙරටට පැමීණීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

තමිල්නාඩු සරණාගත කඳවුරක සිටි ශ‍්‍රී ලාංකිකයින් 6 දෙනෙකු යළි නීතිවිරෝධීව පැමිණීමට උත්සාහ කිරීමේ දී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස ධීවර බෝට්ටුවක් මාර්ගයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අදාළ ධීවර බෝට්ටුව සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 17ක් ලබාදීමට මෙම පිරිස පොරොන්දු වී තිබෙනවා.

Share This