ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකයි – ජනපති කියයි

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකයි – ජනපති කියයි

ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලසීමාවේදී නිම වෙතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ජපාන අගමැති ෆුමියෝ කිශිදා සමග අදහස් හුවමාරුවක් සඳහා සූදානම් වෙමින්.

එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ අදාළ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවයි.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් පසුගිය මාර්තු මාසයේදී ලබාගත් අතර ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රමවේදය සැකසිය යුතු බව සදහන්.

Share This