ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳවන තානාපතිවරුන්ගේ සංසදයක් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා.

කොළඹදී පැවැත්වුණු මෙම සමුළුව සඳහා නවදිල්ලියේ සිට නියෝජිතයන් 6 දෙනෙකු මාර්ගගත ක‍්‍රමය ඔස්සේ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.

මේ අතර මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී තම ණය හිමියන් අතර සමානාත්මතාවය සහතික කරනු ඇතැයි ශ‍්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළ බව විදෙස් පුවත් සේවයක් වාර්තා කර තිබෙනවා.

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැලැසුම් පිළිබඳ බාහිර ණය හිමියන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරියේ දී දැනුවත් කිරීමට නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This