
ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී – 20 රටවල් තීරණය කරයි.
ශ‍්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී – 20 රටවල් තීරණය කර තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී – 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
එහිදී ණය අර්බුදයෙන් පීඩා විඳින ශ‍්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත‍්‍ර පිළිබඳව අවධානය යොමුකර විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතා හඳුනාගෙන ඇති බව සඳහන්.