
ඩොලර් රුපියල් නොකරන මෙරට ව්‍යාපාරිකයින්ට වැඩ වරදින ලකුණු
පිපිරීමට ආසන්නව තිබූ මෙරට ආර්ථිකය, එම තත්ත්වයට යා නොදී වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපතිවරයා කියා සිටියේ ඉදිරියේදී මෙරට පොලී අනුපාතවල ස්ථාවරවීමක් සහ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි.
එසේම, ඉදිරි සති කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය හිමියන්ගේ එකඟතාවය ලබා ගැනීමට හැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂිත සහනය එළැඹෙන ජනවාරි මාසය පමණ වනවිට ලබාගත හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.
මේ අතර අපනයන හරහා උපයන ඩොලර් රුපියල් බවට මාරු නොකරන ව්‍යාපාරිකයින් පිළිබද තොරතුරු හා ඔවුන් උපයා ඇති ආදායම රටට හෙළි කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඇඟළුම් අපනයනකරුවන්ගේ 40 වැනි වාර්ෂික සම්මේලනයට එක්වෙමින්.