
ඩොලර් මිලියන 14 ක වන්දියක් ගෙවන්නයි මෙටා සමාගමට අධිකරණ නියෝගයක්.
මෙටා සමාගමට ඩොලර් මිලියන 14 ක වන්දියක් ගෙවන ලෙස ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.
එම නියෝගය මගින් අධිකරණය සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසයි.
මෙම නියෝගය නිකුත් කිරීමට හේතු වී ඇත්තේ මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීමේ චෝදනාවයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා ඇති බවයි.