ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 19 යි දශම 8 කින් අතිප‍්‍රමාණය වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 19 යි දශම 8 කින් අතිප‍්‍රමාණය වෙයි

වසරේ ගත වූ කාලය තුල ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 19 යි දශම 8කින් අතිප‍්‍රමාණ වී තිබෙනවා.

මහ බැංකුව ප‍්‍රකාශ කළේ අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්චේදය තුළ ශ‍්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 26 යි දශම 4 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 17කින් අතිප‍්‍රමාණ වී ඇති බවයි.

එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 18 යි දශම 9 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 19 දශම 7 කින් රුපියල අතිප‍්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.

Share This