
ඩොනල් ට‍්‍රම්ප්ට අපරාධ චෝදනා
අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන තිබෙනවා.
කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට‍්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ කීර්ති නාමයට කැළැලක් වන ආකාරයට ක‍්‍රියා කළ, නිල් චිත‍්‍රපට නිළි, ස්ටෝමි ඩැනියෙල්ස්ට මුදල් ලබාදී ඇය නිහඬ කළ බවට ඩොනල් ට‍්‍රම්ප්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
එහිදී ඇයට ලබාදී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් එක් ලක්ෂ 30 දහසක් බවයි අනාවරණවී ඇත්තේ.
ඒ අනුව, අපරාධ චෝදනා එල්ල වුණු පළමු හිටපු ඇමෙරිකන් ජනාධිපතිවරයා වනු ඇත්තේ ද ඩෙනල්ඩ් ට‍්‍රම්ප් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.