ඩඩ්ලි – රත්න ගැටෙයි – සහල් මිල ගැන උණුසුම් තත්ත්වයක් [VIDEO]

ඩඩ්ලි – රත්න ගැටෙයි – සහල් මිල ගැන උණුසුම් තත්ත්වයක් [VIDEO]

ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි ‌සිරිසේන මහතා හා නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා අතර අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වචන හුවමාරුවක් සිදු වුණා.

රජය විසින් පනවා ඇති පාලන මිල ගණන් යටතේ සහල් අලෙවි කළ යුතු බවට අරලිය සහල් හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළ අතර නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා සඳහන් කලේ එම මිලට සහල් ලබාදිය නොහැකි බවයි.

එම ප්‍රකාශයත් සමගින් ඩඩ්ලි සිරිසේන මහතා තරමක් උරණ වූ අතර ඔහු සඳහන් කළේ පොලොන්නරුවේ වී මාෆියාව මෙහෙය වන්නේ මෙවැනි පුද්ගලයන් බවයි.

Share This