ඩක්වර්ත් ලු‍විස් – එංගලන්තයට ජය ගෙන දෙයි

ඩක්වර්ත් ලු‍විස් – එංගලන්තයට ජය ගෙන දෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට එංගලන්තය අද සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලු‍විස් න්‍යාය අනුව කඩුලු‍ 5ක පරාජයක් ලැබීම හේතුවෙන්.

මෙම තරගයේ ද කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර නියමිත පන්දුවාර 20 තුළ කඩුලු‍ 7ක් දැවී ලකුණු 111ක් ලබා ගත්තා.

එංගලන්තය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට ඔවුන් පන්දුවාර 12ක් අවසානයේ කඩුලු‍ 4ක් දැවී ලකුණු 69ක් ලබා සිටියා.

පසුව තරගය ජය ගැනීම සඳහා ඩක්වර්ත් ලු‍විස් න්‍යාය අනුව එංගන්තයට පන්දුවාර 18කදී ලකුණු 103ක ඉලක්කයක් හිමි වුණා.

ඔවුන් එය පසුකර ගියේ පන්දුවාර 16 යි එක් පන්දුවක් අවසානයේ දී.

TAGS
Share This