ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් අමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් අමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ අනතුරු ඇඟවීම් යටතේ පවතින බවයි.

ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400 ක් පමණ සම්පූර්ණ‍යෙන් විනාශ වී ඇති බවද සඳහන්.

පසුගිය සතියේ මිසිසිපි ප‍්‍රාන්තයට බලපෑ මෙවැනිම ටොනෙඩෝ තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් නිවාස හා දේපළ රැසකට දැඩි අලාභ හානි සිදු වුණා.

Share This