ටොන් 40 දහසක පෙට‍්‍රල් නැව අද දිවයිනට

ටොන් 40 දහසක පෙට‍්‍රල් නැව අද දිවයිනට

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 40 දහසක් රැගත් නෞකාව අද දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

එය ඊයේ දිනයේ මෙරටට පැමිණීමට සැලසුම් කර තිබුණ ද දිනකින් ප‍්‍රමාද වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජ්සේකර මහතා ට්වීටර් සටහනකින් දැනුම් දුන්නේ.

මෙවන් පසුබිමක් හමුවේ ප‍්‍රදේශ රැසක ජනතාව තවදුරටත් දිගු පෝලිම් වල රැඳී සිටින්නේ ඉන්ධන ලබාගැනීමේ අරමුණින්.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ නොසන්සුන්තා ද වාර්තා වුණා.

මේ අතර එළැඹෙන මාසයේ මුල් සතියේ ගෑස් නෞකා දෙකක් මෙරටට ලගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

Share This