ටොංගා දිවයිනට ඉන්ටනෙට් දෙන්න ඊලෝන් මස්ක් සැරසෙයි

ටොංගා දිවයිනට ඉන්ටනෙට් දෙන්න ඊලෝන් මස්ක් සැරසෙයි

පසුගිය දිනක මුහුදු පත්ලේ සිදුවූ ගිණිකඳු පිපිරීමකින් ටොංගා රාජ්‍යයට දැඩි ලෙස බලපෑම් සිදු වුණා.

විශේෂයෙන් සුනාමිය හේතුවෙන් මුහුදු පත්ලේ ඇති කේබල් විනාශ වීම නිසා අන්තර්ජාලය මෙන්ම ජාල කුළුණු විනාශ වීම නිසා ඇමතුම් ගැනීමටද මේ වන විට හැකියාවක් නෑ.

මෙය යථා තත්ත්වයට පත් වීමට සති ගණනාවක් යනු ඇති බවටයි එරට රජය සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් ස්පේස් එක්ස් හිමිකරු, ඊලෝන් මස්ක් Tweet එකක් මඟින් විමසා සිටියේ “ටොංගා රාජ්‍යයට ස්ටාලින්ක් සේවය ලබා දීම වැදගත් කියලා හිතනවානම්, එය පවසන්න” ලෙසයි.

එයට ලොව පුරා වෙසෙන ටොංගානුවන් විසින් පිළිතුරු දෙමින් කියා සිටියේ, “හැකි ඉක්මනින් එය ලබා දෙන්න” යනුවෙන්.

එයට පිළිතුරු ලබා දෙමින් ඊලොන්ස් මස්ක් “ලේසර් ලින්ක්ස් තියෙන අපේ චන්ද්‍රිකා දැනට ලොකු ප්‍රමාණයක් නෑ. එවගේම ටොංගා රාජ්‍යයට ඉහළින් මේ වන විට චන්ද්‍රිකා තියෙනවා. මේ ගැටලු දෙක නිසා තමයි මම ඇහුවේ වැදගත් ද කියලා හිතෙනවා ද කියලා”

ටොංගා රාජ්‍යයේ මාධ්‍ය ජාලයන් සහ රජයේ ප්‍රධානීන් සුලු පිරිසකට මේ වන විට චන්ද්‍රිකා මගින් අන්තර්ජාලය සපයනු ලබනවා.

Share This