ටෙහාරික් ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය කෙරේ

ටෙහාරික් ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය කෙරේ

පාකිස්තානයේ ක්‍රියාත්මක තලෙයිබාන් සංවිධානයට අනුබද්ධ ටෙහාරික් ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී ඝාතනයට ලක් කර ඇති බව පාකිස්තාන ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මොහමඩ් කොරොසානි නම් මෙම පුද්ගලයාට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ නන්ගර්හාර් ප්‍රදේශයේදීයි.

කෙසේ වෙතත් පාකිස්තානයේ ක්‍රියාත්මක තලෙයිබාන් සංවිධානයේ නියෝජිත ආයතනය ප්‍රකාශ කළේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති බවයි.

Share This