ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අංක එකට

ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව අංක එකට

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණ ගැනීමට යළිත් ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.

ඒ ඊයේ එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවති අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විමත් සමගයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඕස්ටේ්‍රලියාව දෙවන ස්ථානය දක්වා පසු බසිද්දී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගී වූ ටෙස්ට් තරඟ දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 24ක් ලබා ගෙන එහි පෙරමුණේ පසුවෙන්නේ සියයට සියයක ජයග්‍රාහී ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

එම සටහනේ තෙවන ස්ථානය පාකිස්තානයටත් සිව්වන ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා.

Share This