ජෝන් ඒබ්‍රහැම් රසිකයෙකුගේ දුරකතනයක් උදුරාගනී (VIDEO)

ජෝන් ඒබ්‍රහැම් රසිකයෙකුගේ දුරකතනයක් උදුරාගනී (VIDEO)

සුපිරි තරුවක් වුණාම, ඔවුන්ට සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න බෑ.

එක පැත්තකින් රසික රසිකාවියෝ. අනිත් පැත්තෙන් පැපරාසීන් සහ මාධ්‍ය.

ඉතින් මේ හැමදේම ඔවුන් හරි ගාණට තියාගෙන ඕන ඉන්න. මොකද, පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් මේ හැම කෙනාම, තරුව උඩට ගෙනිච්චා වගේම, ඔවුන්ට විරුද්ධ වෙලා ජනප්‍රියත්වය විනාශ කරන්නත් පුලුවන්කම තියෙන නිසා.

ජෝන් ඒබ්‍රහැම් කියන්නේ අතිශය දක්ෂ ක්‍රියාදාම නළුවෙක්. කොච්චර වයසට ගියත් තරුණයන්ටත් වඩා ලස්සනට තවමත් ඉන්න කෙනෙක්.

ඉතින් ඔහුටත් ඉතා විශාල රසික පිරිසක් ඉන්නවා.

ඒ වගේම, ඔහු හරිම නිහතමානී කෙනෙක්. හැමෝම කියන්නේ බොලිවුඩ් වල ඉන්න නිහතමානීම චරිතයක් කියලා.

ඔහුට පුලුවන් හැම අවස්ථාවෙම තමන්ගේ රසික රසිකයන් එක්ක කතා කරනවා. සමරු සටහන් දෙනවා. ඡායාරූප ගන්නවා.

ඉතින් ඔහු පාරක ඇවිදින වෙලාවේ, තරුණයන් දෙදෙනෙක් හොරාට සෙල්ෆී වීඩියෝ මගින් ජෝන් ව පටිගත කරමින් ඉඳලා තියෙනවා.

ජෝන් ඒක දැකලා, ඒ ෆෝන් එක ඔවුන්ගෙන් අරන් ඔවුන්ව පුදුමට පත් කළා.

වීඩියෝව පටිගත වෙන අතරම ජෝන් කළේ, “Hi, how are you? Hi, you guys okay? That’s my friend there.” (හායි, කොහොමද ඔයාලට? ඔයාලා හොඳින්ද ? මේ මගේ යාලුවෝ” කියලා සිනහමුසු මුහුණින් කියන එක.

ඉතින් මේ සිද්ධිය ඔවුන් දෙදෙනාට හිතාගන්නවත් බැරිවුණා කියලා තමයි ඔවුන් ඉන්ස්ටග්‍රෑම් වල ඒ වීඩියෝව එක් කරමින් කියා සිටියේ.

Share This