ජොනී ඩෙප්ට Cannes චිත්‍රපට උළෙලේදී ඉහළ පිළිගැනීමක්[PHOTOS]

ජොනී ඩෙප්ට Cannes චිත්‍රපට උළෙලේදී ඉහළ පිළිගැනීමක්[PHOTOS]

Johnny Depp රංගනයෙන් දායක වූ නවතම සිනමා පටය වන “Jeanne du Barry” නම් මෙම චිත්‍රපටය සඳහා පසුගියදා පැවති Cannes චිත්‍රපට උළෙලේදී ඉහළ ඇගයීමක් ලැබී තිබෙනවා.

මෙම චිත්‍රපටයේදී Depp විසින් ප්‍රංශයේ හිටපු රජු වන ලුවී XV ගේ චරිතයට පෙනී සිටින අතර චිත්‍රපටය සඳහා ලැබූ ඉහළ ඇගයීම නිසා Johnny Depp ගේ දෑස් කඳුළින් තෙත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Johnny Depp හට ඔහුගේ හිටපු බිරිඳ වන Amber Heard අපහාස නඩු පැවරූ අතර අදාළ නඩු විභාගයෙන් ජය ගත් පසු ජොනී රංගනයෙන් දායක වූ පළමු සිනමාපටය මෙය වීමද වීශේෂත්වයක් වනවා.

Share This