” .. මේ අය ඉන්න ඕන හිරගෙවල්වල.. ”  (VIDEO)

” .. මේ අය ඉන්න ඕන හිරගෙවල්වල.. ” (VIDEO)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වන දා වන විට ජනතා අයිතියට පත්කළ හැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා..

තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන අදියරේ රුක් රෝපණ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

” … ජනතාවට කියනවා අපි නිවැරදි තීන්දු තීරණ ගන්නෙ කියලා.
අපි දේශපාලන පළිගැනීම් කරන්න ගියේ නැහැ.
අපි දේශපාලන පළිගැනීම් කලා නම් මේ වැරදි කරපු අය මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙවල් වල.
අපිට අවශ්‍ය මේ රට සංවර්ධනය කරන්න.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රට ඉදිරියට ගෙන යාම විතරයි අපගේ එකම බලාපොරොත්තුව..”

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැළසුම් කර තිබුනේ මීට මාස නවයකට පමණ පෙරාතුවයි.

කෙසේ වෙතත් අවිධිමත් ලෙස ක්‍රියාත්මක කොන්ත්‍රාත් ව්‍යාපෘති අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් අධිකරණයේ දී ලද පොදු එකඟතාව අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වන දා වන විට ජනතා අයිතියට පත්කළ හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

TAGS
Share This