ජොකොවික්ගේ වීසා දෙවන වරටත් අත්හිටුවයි.

ජොකොවික්ගේ වීසා දෙවන වරටත් අත්හිටුවයි.

ලෝක ටෙනිස් ශූර සර්බියානු ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා දෙවන වරටත් අත්හිටුවීමට ඕස්ටේ‍්‍රලියාව තීරණය කර තිබෙනවා.

ඒ එරට සංක්‍රමණ කටයුතු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

විවෘත ටෙනිස් තරගාවලිය සඳහා එන්නත්කරණයෙන් තොරව පසුගිය 6 වනදා ඕස්ටේ‍්‍රලියාවට පැමිණීම හමුවේ නොවැක් ජොකොවික් ගේ වීසා පළමු වරට අවලංගු කෙරුණා.

ඒ සමගින් ඔහු එරටින් පිටුවහල් කිරීමේ අවදානමක් මතු වූ අතර ඊට එරෙහිව නොවැක් ගේ පාර්ශවය අධිකරණය හමුවේ අභියාචනයක් ගොණු කිරීමටයි පියවර ගනු ලැබුවේ.

ඒ අනුව අධිකරණය ඕස්ටේ‍්‍රලියානු රජයේ තීරණය අවලංගු කළා.

TAGS
Share This