
ජූනි මස උද්ධමනය 60 % ට ළඟා වෙයි
පසුගිය ජුනි මාසයේ උද්ධමනය 58.9 % ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව එය මැයි මාසයේ සටහන් වූයේ 45.3 % ක් ලෙසින්.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩ මිල ගණන්වල සිදු වූ මාසික මිල වැඩි වීම් උද්ධමනය ඉහළ යාමට හේතු වී තිබෙනවා.
ඒ අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 58 සිට ජුනි මාසයේ දී 75.8 % දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා වල සඳහන් වන්නේ.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී 43.6 % දක්වා ඉහළ ගියා.
එය පසුගිය මැයි මාසයේ දී සටහන්ව තිබුණේ 34.2 % ක් ලෙසින්.