ජූඩ් ශ‍්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දීමක්

ජූඩ් ශ‍්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දීමක්

ආන්දෝලනාත්මක රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවී සිටි ජූඩ් ශ‍්‍රමන්ත ජයමහට සමාව ප‍්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට අදාළ අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අදාළ විත්තිකරුට ප‍්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

Share This