ජුනි මස 14 දින රට විවෘත කිරීමට දැනට බලාපොරොත්තුවෙන් සිටිනවා – යුද හමුදාපති

ජුනි මස 14 දින රට විවෘත කිරීමට දැනට බලාපොරොත්තුවෙන් සිටිනවා – යුද හමුදාපති

එළඹෙන 14 වන දිනෙන් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

හෙතෙම කියා සිටියේ තව දුරටත් සංචරණ සීමා පනවන බවට පැතිරෙන වාර්තා අසත්‍ය බවයි.

රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිරෝධායන ඇඳිරි නිතිය පැනවිය යුතුද යන්න සම්බන්ධයෙන් අද දිනයේ අදාල අංශ සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නිතිය පැනවීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ

Share This