ජී හත සමුළුවේදී ලොව දිළිඳු  රටවලට සහනයක්

ජී හත සමුළුවේදී ලොව දිළිඳු රටවලට සහනයක්

අද ආරම්භවීමට නියමිත ජී හත සමුළුවේදී ලොව දිළිඳු රටවලට කොරෝනා එන්නත් බිලියනයක් ලබාදීම සඳහා එකඟත්වයක් ඇතිකරගැනීමට හැකිවනු ඇති බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ලබන වසර අවසානය වනවිට එම එන්නත් ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් සතුව පවතින අමතර කොරෝනා එන්නත් මිලියන 100 ක් පමණ ඉදිරියේදී වෙනත් රටවලට ලබාදීමට කටයුතු කරන බවයි.

Share This