ජැක්සන් ගැන පළවෙන ප්‍රවෘත්ති අසත්‍යයි ! – දියණිය තහවුරු කරයි

ජැක්සන් ගැන පළවෙන ප්‍රවෘත්ති අසත්‍යයි ! – දියණිය තහවුරු කරයි

ප‍්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ඔහුගේ පවුලේ ඥාතීන් සදහන් කරනවා.

අද පෙරවරුවේ සිට සමාජ මාධ්‍යවල ජැක්සන් ඇන්තනී මහතා මියගොස් ඇති බවට තොරතුරු පල වුණා.

ඒ පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර මහතා ප‍්‍රකාශ කළේ තම පියා තවමත් සුවය ලබමින් පසුවන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පියා මියගිය බවට පලවන වාර්තා ප‍්‍රතික්ශේප කරමින් ඔහු කියා සිටියේ එවැනි වාර්තා පලවීම පිළිබදව කනගාටු වන බවයි.

ප‍්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනී මහත්මියද තම ෆෙස්බුක් ගිණුමෙ සටහනක් තබමින් එම පුවත්වල අසත්‍යතාව තහවුරු කර තිබුණා.

ජැක්සන් ඇන්තනී මහතා ජූලි 02 වැනි දා රූගත කිරීමකට ගොස් නැවත පැමිණෙන අතරතුර, අනුරාධපුර, තලාව, මොරගොඩ ප‍්‍රදේශයේ දී , ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරකට ලක් වුණා.

ඉන් තුවාල ලැබූ ඒ මහතා අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කාළා.

Share This