ජාතික සභාවට මන්ත‍්‍රීවරු පත්කෙරෙයි

ජාතික සභාවට මන්ත‍්‍රීවරු පත්කෙරෙයි

අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත ජාතික සභාව සඳහා මන්ත‍්‍රීවරු නම් කර තිබෙනවා.

ඊට අදාළ ලැයිස්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්.

එමෙන්ම සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා පැවසුවේ කතානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික සභාව සඳහා මෙරට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවයි.

Share This