ජාතික පාපන්දු පුහුණුකරු ධුරයට මොරිසන්

ජාතික පාපන්දු පුහුණුකරු ධුරයට මොරිසන්

ජාතික පාපන්දු පුහුණුකරු ධුරය බාරගැනීම සඳහා එංගලන්ත ජාතික ඇන්ඩෲ මොරිසන් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ සමඟ ජාතික සහාය පුහුණුකරු ධුරයට නිර්දේශ කර සිටින ඔස්ට්‍රේලියානු ජාතික කීත් ස්ටීවන්ද ඉදිරි දින කීපය ඇතුළත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි කී‍්‍රඩා ආරංචි මාර්ග සඳහන් කලේ.

ශ‍්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් රාජ්‍ය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එරට පූර්ණ අනුග‍්‍රහය යටතේ එම විදේශීය වෘත්තීය පාපන්දු පුහුණුකරුවන් දෙදෙනාගේ සේවය ලබාගැනීමට හැකි වී තිබෙනවා.

Share This