ජාතික ජන බලවේගයෙන් විරෝධතා මාලාවක්

ජාතික ජන බලවේගයෙන් විරෝධතා මාලාවක්

තමන් මුහුණ දෙන ගැටළු වලට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කිරීමේ ක‍්‍රියාදාමයට විරෝදය පළ කරමින් එළැඹෙන ඉරිදා දිනයේ සිට දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.

එහි නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා

මේ අතර කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් දෛනිකව ජනතාව මුහුණදෙන ගැටළු ඉහළ යමින් පවතින බවයි.

Share This