ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද මැලේසියාවට.

ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද මැලේසියාවට.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද මැලේසියාව බලා පිටත්ව යෑමට නියමතව තිබෙනවා.

ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියට සහභාගීවන අවසන් කන්තා කණ්ඩායම තෝරා ගැනීම සඳහා වන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය වෙනුවෙන්.

සුදුසුකම් ලබාගැනීමේ වටයට එක්වන සෙසු කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය, මැලේසියාව, ස්කොට්ලන්තය සහ කෙන්යාවයි.

ලබන 18 වැනිදා ආරම්භ වන තරගාවලිය 24 වනදා දක්වා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

ස්කොට්ලන්තයට එරෙහිව 19 වැනිදා පළමු තරගයට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, 20 වැනිදා කෙන්යාවට එරෙහිව ද, 22 වැනිදා මැලේසියාවට එරෙහිව සහ 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද තරග වැදීමට නියමිතව තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වනදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගිවන අතර මේ වනවිටත් කණ්ඩායම් 7 ක් සුදුසුකම් ලබා අවසන්.

සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි බාබඩෝස් කණ්ඩායම් ඊට ඇතුළත්.

TAGS
Share This