ජාතික ක්‍රිකට් කණ්ඩායම ජෛව බුබුලට.

ජාතික ක්‍රිකට් කණ්ඩායම ජෛව බුබුලට.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ජෛව ආරක්ෂණ බුබුලට පිවිසීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් අවිශ්ක ප්‍රනාන්දුට මෙම තරගාවලිය අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, ඔහුට කොවිඩ් වෛරසය වැළඳීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වාර්තා වල දැක්වෙන්නේ අවිශ්ක – කොවිඩ් ප්‍රතිශක්තීකරණ මාත්‍රා 3 ම ලබාගෙන ඇති බවයි.

ඔහු බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මීට දින කිහිපයකට ඉහතදී බවද සඳහන්.

ශ්‍රි ලංකා සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගය 18 වනදාත් තුන්වන තරගය 21 වනදාත් පැවැත්වෙන අතර සියළු තරග පස්වරු 2.30 ට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

TAGS
Share This