ජාතික ඔලිම්පික් කමිටුවෙන් විශේෂ වැඩසටහනක්

ජාතික ඔලිම්පික් කමිටුවෙන් විශේෂ වැඩසටහනක්

ජාතික ඔලිම්පික් කමිටුව විසින් පත්කරන ලද කණිෂ්ට සංවර්ධන කමිටුව විසින් ඉහළ මට්ටමේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලයේ තරඟකරුවන් බවට පත්කිරීමේ විශේෂ වැඩසටහනක් යෞවන පිබිදීම 2026 නමින් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන මඟින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවලට යොමු කිරීම, ඔවුන්ට අරමුදල් සැපයීම සහ නියමිත ප‍්‍රමිතියෙන් යුතු පුහුණුවක් ලබාදීම සිදු කෙරෙනවා.

ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධ කණිෂ්ට සංවර්ධන කමිටුවේ සභාපති ශිරන්ත පීරිස් මහතා ප‍්‍රකාශ කලේ ශ්‍රී ලංකාව තුළ ඉහළ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වැඩසටහන සඳහා තෝරා ගන්නා බවයි.

Share This