
ජවාන් චිත්‍රපටයේ කොටසක් ලීක් වෙයි
බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් රසිකයින් හමුවට එන මීලඟ දැවන්ත සිනමා නිර්මාණය “ජවාන්” සිනමාපටයේ තත්ත්පර දහයක කෙටි විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
මෙම වීඩියෝ පටය යමෙකු විසින් නිති විරෝධිව කළ විඩියෝවක් බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම මේ පිළිබඳව නිතීමය පියවර නොගෙන ඇති අතර ඒ හේතුව නිසා මෙය චිත්‍රපට නිශ්පාදක කණ්ඩායම විසින් සිදු කල ක්‍රියාවක් ද යන්නත් කතා බහක් පවතිනවා.
එළඹෙන ජුනි 02 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා “ජවාන්” චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට සූදානම් කර තිබෙනවා.


