
ජල බිල්පත් නොගෙවු හය දහසකට නඩු
ජල බිල්පත් ගෙවිම පැහැර හැර ඇති ගෘහ සහ ගෘහ නොවන පාරිභෝගිකයන් 6000 කට ආසන්න පිරිසකට නඩු පැවරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම මේ දක්වා ගෙවීම් පැහැර හැර ඇති පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1650 ක මුදලක් අය විය යුතු බව සදහන්.
එම මණ්ඩලයේ අයකරගැනීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා කියා සිටියේ ඊට රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන හා පාසල් ද ඇතුළත් බවයි.
ජල ගාස්තු ඉහළ දැමීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගමින් ජල බිල්පත් ගෙවීම සියයට 40කින් පමණ අඩුවී ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.