ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

ජල ඉල්ලූම ඉහළ යෑම හේතුවෙන් ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවද එම මණ්ඩලය පවසනවා.

ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කරන ලෙසද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

මේ අතර කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමේ පීඩනය අවම මට්ටමක පවතින බවට ජනතාව පැමිණිලි කරනනවා.

මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලයට කොතෙක් පැමිණිල කළද කිසිඳු පියවරක් ගැනීමට කටයුතු කර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

Share This