ජනාධිපතිවරයාගෙන් එජාපයට දැනුම්දීමක්

ජනාධිපතිවරයාගෙන් එජාපයට දැනුම්දීමක්

එළඹෙන ඕනෑම මැතිවරණයක් සදහා සූදානමින් සිටින ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම අවස්ථාවට එක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරි මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස පක්ෂ සංවිධායකවරුන්ට දැනුම්දී ඇති බව සදහන්.

මෙම සාකච්ඡා සදහා පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සහ සභාපති පාර්ලිමේන්තු ම වජිර අබේවර්ධන මහත්වරු එක්ව සිටියා.

Share This