ජනපති හා බංගලාදේශ මහ කොමසාරිස් හමුවෙයි

ජනපති හා බංගලාදේශ මහ කොමසාරිස් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (23) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පවත්වා තිබෙනවා. 

එම හමුවේ දී දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ ඇති බවත් එමඟින් ඇඟලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පවසා ඇති බව සඳහන්.

පවතින ආර්ථික අර්බුදයේ දී ද බංග්ලාදේශය ලබාදෙන සහාය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇගයීමට ලක් කර තිබෙනවා. 

වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කළා. 

Share This