ජනපති රනිල් අද ජපානයට

ජනපති රනිල් අද ජපානයට

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද ජපානය වෙත ළඟාවීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඊයේ සිංගප්පූරුව වෙත පිටත්ව ගිය බවයි.

ජනාධිපතිවරයා එහිදී එරට නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ෂන්මුගම් ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත‍්‍රිකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ජනාධිපතිවරයා අද සිට 27 වන දින දක්වා ජපානය තුළ රැඳීසිටින අතර එම කාලය තුළ එරට අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි, මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එහිදී ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර ද්වී පාර්ශ්වික සබදතා නව ප‍්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් කලාපීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බව සදහන්.

මේ අතර ජපාන නිල සංචාරය තුළදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

Share This