ජනපති රනිල්ට එක්සත් ජාතීන්ගෙන් සුභ පැතුම්

ජනපති රනිල්ට එක්සත් ජාතීන්ගෙන් සුභ පැතුම්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සුභාශිංසන පළ කර තිබෙනවා.

විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී ඇති වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වය තීරණාත්මක බවයි.

අභියෝගවලට මුහුණ දීමට ජාතික උපායමාර්ගයක් සකස් කිරීමට සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඇන්ටෝනියෝ ගුටරෙස් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මහජනතාවගේ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලු පාර්ශවකරුවන් අතර සංවාදයන් ඉතා වැදගත් වන බවයි.

Share This