ජනපති කොළඹ පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට එක්වෙයි

ජනපති කොළඹ පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට එක්වෙයි

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා එක් වුණා.

අද පෙරවරුවේ ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ඇතුළු පිරිසක් විසින්.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සෙසු සාමාජිකයින් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, අතුල ජයකොඩි මහත්වුරුන් ඇතුළු පිරිසක් එක්වුණා.

මෙවර පොත් ප‍්‍රදර්ශනයට දෙස් විදෙස් ප‍්‍රකාශකයන්ගේ කුටි 400 කට වැඩි ප‍්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප‍්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප‍්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් සුහද කතාබහකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

Share This