ජනපති කොග්ගල හදිසි සංචාරයක

ජනපති කොග්ගල හදිසි සංචාරයක

ගාල්ල කොග්ගල සහ අහංගම ප‍්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රදේශවල හදිසි සංචාරයක නිරත වුණා.

පෙර දැනුම් දීමකින් තොරව ජනාධිපතිවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරත වූයේ සංචාරක හෝටල් හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සෘජුව සොයා බැලීමේ අපේක්ෂාවෙන් බව සදහන්.

සංචාරක හෝටල්වල වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වූ අතර හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු සම්බන්ධවද දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

Share This