ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සමුලු‍ව ඇමතීමට නියමිතව තිබෙනවා.

නිව්යෝර්ක් වෙලාවෙන් අද පෙරවරු 11 ත් දහවල් 01 ත් අතර කාලයේදී එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 08 යි 30 ත් 10 යි 30 ත් අතරදී ජනාධිපතිවරයා සමුලු‍ව අමතනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොවිඩ් තත්වය පාලනයට ගෙන ඇති පියවර මෙන්ම රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයාගේ කථාවට ඇතුළත් වනු ඇති බවද සඳහන්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ ආරම්භ කෙරුණේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන්.

කොවිඩ් නයින්ටීන් වයිරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිස් අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම මෙවර එහි තේමාවයි.

Share This