ජනපතිගේ ස්ථාවරය – ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්

ජනපතිගේ ස්ථාවරය – ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

හදිසි නීති රෙගුලාසි පණවමින් වී, සහල්, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ගණන් පාලනය කිරීමේ මෙහෙයුම් රජය විසින් ආරම්භ කලේද ජනාධිපතිවරයාගේ එම දැක්ම යටතේ ගත් තීරණවල ප්‍රතිඵල අනුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ වර්තමාන තත්වය සමග ජනතාවාදී ආණ්ඩුවක නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මේ බව කියා සිටියා.

TAGS
Share This