
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් ඉල්ලා යළිත් මහා භාණ්ඩාගාරයට ලිපියක්
මැතිවරණ මුද්‍රණ කටයුතු සදහා මුදල් ලබාදෙන ලෙස ඉල්ලා මහා භාණ්ඩාගාරයට යළිත් ලිපියක් යොමු කළ බව රජයේ මුද්‍රණාලය පවසනවා.
මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය කියා සිටියේ මහා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තුමේන්තුවට අදාළ ලිපිය යොමු කළ බවයි.
එහි පිටපතක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද යොමු කළ බව ඇය පවසනවා.
මුද්‍රණ කටයුතු සදහා මුදල් ඉල්ලා මීට පෙර මුදල් අමාත්‍යාංශයට යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව සදහන්.