ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් ලැබී නෑ – මුද්‍රණාලයාධිපතිනිය කියයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් මුදල් ලැබී නෑ – මුද්‍රණාලයාධිපතිනිය කියයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

එහි සභාපති නිතීඥ නිමල් පුංචි හේවා මහතා කියා සිටියේ, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ද ලබා දීමට නොහැකි බව ඇය ප‍්‍රකාශ කළ බවයි.

මේ වනවිටත් දිස්ත‍්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇති බව සදහන්.

එම ඡන්ද පත්‍රිකා මිටි බැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් වී නොමැති බව ද ඇය කොමිසමට දන්වා තිබෙනවා

Share This